ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප
ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයට අධිකරණය විසින් ඇප ලබා දී ඇත.
අද (01) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ඒ ස්වර්ණමහල් ආයතනය තුළ සිදුවූයේයැයි පැවසෙන මුල්‍ය වංචාවන් සඳහා ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළවය.
ලබන ජූනි මස 2 වන දින යළි නඩුව කැඳවීමට නියමිතයි.