සාක්ෂි ලබාදීම රාජකාරියට ගැටළුවක් විය හැකියි – නීතිපති කියයි
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.
එහිදී නීතිපතිවරයා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් තමා කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින බැවින් කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන් තමන්ගෙන් ප්‍රශ්න කිරිම ගැටලුවක් මතුකරන බවයි.
මේ සම්බන්ධයෙන් තමන් මීට පෙර කතානායකවරයා ද ලිඛිතව දැනුවත් කළ බව ඔහු කියා සිටියේය.
