සාමදාන විනිශ්චයකාරවරයන් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂය විසින් ඊයේ (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
කලාප, දිස්ත්‍රික්ක හෝ කොට්ඨාස සඳහා මෙතෙක් සාමදාන විනිශ්චයකාරවරු පත්කළ ක්‍රමය වෙනස් කරමින් පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත්කිරීමට හැකි වන ලෙසද අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට මෙමගින් ඉදිරිපත් කර ඇති අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර සාමදාන විනිශ්චයකාරවරුන් කෙසේ පත්කර තිබුණද මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව එම සාමදාන විනිශ්චයකාරවරුන්ගේ වාසස්ථාන පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළත් පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අදාළ වන බවද පනක් කෙටුම්පත තුළ අන්තර්ගත කර ඇත.
පරිපාලන දිස්ත්‍රික්ක යනුවෙන් මෙහිදී හඳුන්වන්නේ පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ පිහිට වූ පරිපාලන දිස්ත්‍රික්කයන් බවද මෙම පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.