News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.