News

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සදහා වන අයදුම්පත්‍ර ජූලි මස 22 වැනි දින සිට අගෝස්තු මස 31 වැනි දින දක්වා කැදවනු ලබයි.

මේ සම්බන්ධයෙන් විභාගම කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් විභාග කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සෑම විභාග අපේක්ෂකයෙකු ම මෙම අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මගින් බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.donest.lk වෙත පිවිස අදාළ උපදෙස් අධ්‍යයනය කර අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.

එම අයදුම්පතේ මුද්‍රිත පිටපතෙහි ඉදිරි කොටස් සම්පූර්ණ කර තැපැල් මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු වේ.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර පිරිවෙන් හෝ පාසලේ අදාළ පිරිවේණාධිපති ස්වාමින් වහන්සේ හෝ විදුහල්පති මගින් යොමු කළ යුතුයි.

පෞද්ගලික අයදුම්කරුවන් සදහා වන උපදෙස් www.donest.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, මෙම අයදුම්කරුවන් ද සෘජුවම වෙබ් අඩවිය වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.

එහි මුද්‍රිත පිටපතෙහි ඉතිරි කොටස් සම්පූර්ණ කර තැපැල් මගින් ශ්‍රී ලංකා විබාග දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කළ යුතු වේ.

මේ පිළිබද වැඩි විස්තර විමසීමක් අවශ්‍ය අයදුම්කරුවකුට පහත දුරකථන අංක මගින් විමසීම් කළ හැකි වේ.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව –
0112 78 45 37 හෝ 0112 78 42 08
0113 18 83 50 හෝ 0113 14 03 14

ක්ෂණික ඇමතුම් අංක – 1911