සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ අයදුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය 2020.07.31 දිනය දක්වා දිර්ඝ කර ඇති බවය.
ඒ සඳහා වන අයදුම් පත්‍ර ජුලි මස 31 වන දා හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ව වෙත එවිය යුතු වේ.
වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.