News

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග

2019 වසරේ පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන බවට පැතිර යන කට කථා අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.