සා. පෙළ විභාගයට ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ (08) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා වයස අවුරුදු 21 ක පුද්ගලයෙකු මෙලෙස ව්‍යාජව පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.