සැකකටයුතු වාහන 20ක් දකුණෙන් උතුරට
සැකකටයුතු රථ වාහන 20ක් සම්බන්ධව ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
අදාළ රථ වාහන දකුණු පළාතේ සිට උතුරු පළාතට පැමිණ ඇති බවට ආරක්ෂක අංශ ලද තොරතුරු අනුව වවුනියාව ප්‍රදේශය ආවරණය වන පරිදි ස්ථීර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර ඇත.
එම හමුදා මාර්ග බාධකවල එම රථවාහන 20හි අංක හා විස්තර ප්‍රදර්ශනය කර තිබේ.
ඒ අනුව මෙම මුරපොලවල් හරහා නගරයට වවුනියාව නගරයට ඇතුළුවන සහ ඉන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.