සෑම බස් රථයක් වෙනුවෙන්ම එක පැලයක්
ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී ඇති අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කියා සිටියේ සෑම බස් රථයක් වෙනුවෙන්ම එක් පැලය බැගින් සිටුවිය හැකි නම් ඉන් පරිසරයට විශාල දායකත්වයක් ලැබෙන බවකි.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා,
“සෑම බස් රථයක් වෙනුවෙන්ම එක පැලයක් සිටුවන්න පුළුවන් වුණොත් ඒවා ලොකු වෙනකොට පරිසරයට ලොකු සහයෝගයක් ලැබෙයි. මේ ප්‍රවාහන දිනය වෙනුවෙන් ඒ කටයුත්තට මූලිකත්වය දෙන්න අපි තීරණය කළා. රට පුරාම අපේ සෑම ඩිපෝවකම බස් 100ක් තියෙනවා නම් ගස් 100ක් හිටවන්න අපි කටයුතු කරනවා. ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ දැනුවත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා පැල 5000ක් විතර සිටුවන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි ඒ පැල වැඩෙනකම් රැකබලා ගැනීමටත් අපි කටයුතු කරනවා,”