සිංගප්පුරු වාර්තා සත්‍යයෙන් තොර බවට ජනපති මාධ්‍ය අංශය දන්වයි
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කිරීම වෙනුවෙන් සිංගප්පූරුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට සඳහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තා උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයකින් දන්වයි.
සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ‍්‍රී ලංකා රජයෙන් ලබාදි නොමැති බව එම පුවත් පත් වාර්තාවල සඳහන් කර තිබූ බවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු එවන් ප‍්‍රකාශයක් සිදුකරන ලද්දේ, මෑතකදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ, සිංගප්පූරුවේ වෙසෙන බවට පැවසෙන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරු රජයේ අවධානයට යොමු කරමින් එරට අග‍්‍රාමාත්‍ය ලී ෂියැන් ලූන්ග් මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නිල ප‍්‍රකාශය පදනම් කොට ගෙනය.
මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු නිල ප‍්‍රකාශයක් සිංගප්පූරු රජය මඟින් ශ‍්‍රී ලංකා රජයේ අදාළ බලධාරින් වෙත ලබාදී නොමැති බව එම මාධ්‍ය අංශය සඳහ් කරයි.