News

සිංගප්පූරු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති 2කට වසයි

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකකට වසා දැමේ.

සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ, 21 නව මහලේ සේවකයකුට කොරෝනා වැළදී ඇති බව තරහවුරු කර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කරයි.

මේ හේතුවෙන් පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව මහ කොමසාරිස් කාර්යාලය වසා තබන බව කාරුණිකව දන්වා සිටින බව එම කාර්යාලය පවසයි.

හදිසි අවශ්‍යතා සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු ලබා ගන්නා ලෙස සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

කන්සියුලර් රාජකාරි සඳහා :- +6587414011 / +6586546759

ඊ මේල් :- slhcs@lanka.com.sg

විගමන සේවකයින් සහ ගෘහස්ත සේවයේ නියුතු සේවිකාවන් සඳහා:- +6584981785 / +65 91810257

ඊ මේල් :- lypathi@lanka.com.sg