News

සිංහරාජය අවට ගස් කැපූ 4දෙනෙක් මාට්ටු

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ පුද්ගලයින් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායේ (STF)මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වන සංරක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ.

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර හානි අවම කිරීමට අවශ්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කරමින් අදාළ නීතිමය කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි