සිංහල ජනතා පදිංචිය නවතන ලෙස ඉල්ලා මුලතිව්වල විරෝධයක්
මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් ජනතාව අද(28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරත විය.
මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මහවැලි සංවර්ධනය කිරීම් යටතේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමන ලෙසත් විරෝධතාකරුවෝ පවසූහ.
විරෝධතාවයේ නිරත වූ මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් පැවසූවේ මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් රජය වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම හෙළාදකින බවයි.
විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.