News

දින 3 ක විශේෂ නිවාඩුවක්

රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිඛේ.

ඒ අනුව අද සිට අනිද්දා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් සෞඛ්‍ය / ආහාර සැපයුම් / ප්‍රවාහන / බැංකු / දිස්ත්‍රික් ලේකම් කාර්යාල / ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම විශේෂ දින 3 ක නිවාඩුව ලබා දී ඇත.

පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන ලෙස රජය ඉල්ලා තිඛේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර අවශ්‍ය වුවහොත් නිවාඩුව දීර්ඝ කිරිම පිළිබද සලකා බැලීමට නියමිතයි.