සිනමාපටය නැරඹීමට ටිකට් ලබා ගැනීමේ ගුටිකෙළිය
වවුනියාව,වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන විශ්වාසගම් නමැති සිනමාපටයේ පළමු ප්රදර්ශනය නැරඹීමට ප්රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර ගැටුමක් හටගෙන තිබිණ.
සිනමාපටය නැරඹීමට විශාල තරුණයින් පිරිසක් පැමිණ සිටි අතර එහිදි ප්රවේශපත් ලබා ගැනීමේ ගැටළුවක් ගැටුමට මුල් වි තිබිණ. ගැටුම හේතුවෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි බවද ප්රදේශවාසීන් පැවසූහ.
දැඩි තදබදය හමුවේ සිනමාපටය වෙනුවෙන් ප්රවේශපත් ලබා ගැනීමට තරුණයින් රැදී සිටි අවස්ථාවේ ඇතිවු බහින් බස් වීමක් ගැටළුවට මුල් වි ඇති බවද සිනමාපටය නැරඹු තරුණයින් පැවසූහ. දකුණු ඉන්දීය සිනමාපට නැරඹීම වෙනුවෙන් උතුරේ තරුණයින් දැඩි රුචිකත්වයක් දක්වන අතර,දකුණු ඉන්දියාවේ තරමටම සිනමා උන්මාදයක් උතුරේ තරුණයින් අතර පවති.
දකුණු ඉන්දීය සිනමා තරු වන විජෙයි,අජිත් කුමාර් හා රැජිනිකාන්ත් රඟන සිනමාපට පළමු ප්රදර්ශන නැරඹීම වෙනුවෙන් සිනමාශාලා අසළ දැඩි තදබදයක් පවති.
වවුනියාව – මාධව කුලසූරිය