සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති බව ද රජය පෙන්වා දෙන අතර ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.