News

සිබිල් වෙත්තසිංහ ගිනස් වාර්තා පොතට

ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබේ.

ඒ දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමින්ය.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ දරුවන්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක් ලබාදීමයි.

මෙම කෘතියේ විශේෂත්වය වන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීමය.