සියලුම ආගම්වලට එක අමාත්‍යාංශයක්
සියලුම ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවට පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ. එක් එක් ආගම සඳහා විවිධ දෙපාර්තමේන්තු තිබිය හැකි නමුත්, ඒවා එක් අමාත්‍යාංශයක් යටතේ තිබිය යුතු බවද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.
සියලුම ආගමික කටයුතු සඳහා ස්ථාපිත කළ යුතු මෙම නව අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය විය යුතු බවද පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.
ඉෂාර රත්නකාර