News

සියලු කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙසට ඉල්ලීමක්

සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තෙක් ආරම්භ නොකරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ ලබන ඉරිදා පවත්වන්නට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම්දෙන තුරු නවත්වා දැමීමට තීරණය කළ බවය.