සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි අපේක්ෂකයෙක් එජාපයෙන් ජනපතිවරණයට – මනුෂ
සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රටක පිළිගන්න,රටම ආදරය කරන සියලු ජන කොට්ඨාශවලට පිළිගත හැකි නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පැවසු මන්ත්‍රීවරයා දැන්ම ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවය.
වැදගත් පක්ෂයක් ලෙස සියලු දෙනාගේ ආශිර්වාදය සමඟ මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබෙන බවද මන්ත්‍රීවරයා කියා ප්‍රකාශ කළේය.