සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියයයි
කටුගස්තොට පොලිසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වෙයි.
මෙලෙස ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන සැකකරුවෙකු බවටයි වාර්තාවන්නේ.
මෙම තරුණයා ඊයේ(30) ගංජා සන්තකයේ තබා සිටි වරදට කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඔහුව පොලිස් බාරයේ තබා ඇති අතර තමා ඇඳ සිටි ටී ෂර්ට් එක ආධාරයෙන් මෙම තරුණයා පොලිස් කූඩුව තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත.
මේ වන විට මිය ගිය තරුණයාගේ මෘත ශරීරය මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇත.