සිරිපා වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ගිය 27ක් අත්අඩංගුවට
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී පසුගිය11 වනදා සිට ගතවූ කාලය තුළ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් සිරිපා කරුණාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි පුද්ගලයින් 27දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින්, ගංජා, මත්ගුලි සහ විදේශීය දුම්වැටි ඔවුන් සතුව තිබී ඇති බවයි නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේය.
ගංජා රැගෙන පැමිණි සැකකරුවන් 08දෙනෙකු හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 21,500 ක දඩයක් මත මුදාහැර ඇති අතර අනෙකුත් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇත.
ලබන වසරේ ජනවාරි මස 8 වනදා යළි ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුව ඇත.
