News

සිලෝන් ටී ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 3284 හමස් පෙට්ටියට

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්‍රවර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ.

2015 නොවැම්බර් 6 වැනි දින ලංකා තේ මණ්ඩලය අදාළ කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක මුදලක් ලබාදී ඇත.

මේ සඳහා මාධ්‍ය කටයුතුවලට ආයතනයක් තෝරා ගැනීමට නොහැකි වීම නිසා අපේක්ෂිත කාර්යය සම්පූර්ණ කර නොතිබිණි. නිර්මාණය කළ රූපවාහිනී දැන්වීමද 2016 අප්‍රේල් මාසය වනවිට සකස් කර අවසන් කර ඇතත් 2018 අගෝස්තු 31 වැනිදා වනවිටත් දැන්වීම ප්‍රචාරය කර නොමැත.

චමින්ද සේනාරත්න