නවතම ප්‍රවෘත්ති

සිසු ගැටුමක් නිසා ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨය දින දෙකක් වැසෙයි

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් ඊයේ 29 අතර ඇති වු  ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සදහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය පියවරගෙන ඇත.

ඊයේ උදෑසන  ඉංජිනේරු පිඨයේ  හා තොරතුරු තාක්ෂණ  අංශයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව දහවල් 2.30ට පමණ යළිත් මෙම දෙපාර්ශවය අතර  ගැටුමක් ඇතිවී තිබෙන අතර එම ගැටුමේදි ඉංජිනේරු පිඨයේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.

මෙම ගැටුමට පිටතින්  පැමිණි තරුණයින් හය දෙනෙකුද සම්බන්ද වී ඇති බව පොලිසිය පවසයි.අක්මිමන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.