සීනි බදු අඩු කිරීමෙන් රජයට කිසිදු පාඩුවක් නෑ
ආනයනික සීනි සඳහා බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පෙන්වා දෙයි.
ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක්ව පැවති බද්ද පසුගිය වසරේ ඔක්තෝබර් 13 වන දින සිට ශත 25 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.
අදාළ බදු අඩු කිරීම තුළින් රුපියල් බිලියන 15 යි දශම 9 ක අලාභයක් රජයට සිදුවී ඇති බවට මේ වන විට විවිධ පාර්ශව විසින් චෝදනා කරති.
අදාළ චෝදනාව සිදුකරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ගොනුකරනු ලැබීය.