සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට
බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24) තමා ක්‍රිකට් උපසභාපති ධූරය සඳහා තරගවදින බව සඳහන් කර තිබේ.
මේ අනුව සීලරතන හිමියන් අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සිය නාමයෝජනා ඉදිරිපත් කර ඇත.
එහිදී අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්,
“ඓතිහාසික සිද්ධස්ථානයක් වන මේ ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕනේ. අපි ක්‍රීඩාවට ඉතාමත් ආදරෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් බෝඩ් එකට උප සභාපති වශයෙන් ඉල්ලීමට මම මේ ආවේ. අද ක්‍රීඩාව සම්පූර්ණයෙන් විනාශ වෙලා. අපිට ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. අපිට ඕනේ පරිපාලනය. මොකද, වංචා දූෂණ නවත්වන්න. මාව බලයට පත්වුණොත් ක්‍රිකට් පාවාදෙන අයට මගෙන් නම් ඉඩක් නෑ.”