News

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අද ශ්‍රී ලංකාවට

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ දෙදින නිල සංචාරයක් සදහායි.

උප ජනාධිපතිවරයා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා.

සිය සංචාරය තුළදී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.