News

සුනාමි ව්‍යසනයට අදට වසර 14යි

ශ්‍රී ලංකාවට මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට අදට වසර 14ක් සම්පූර්ණ වනවා.

මේ වෙනුවෙන් ජාතික ආරක්ෂිත දිනය ද අදට යෙදී තිබෙනවා.

සුනාමිය ඇතුළු සියලු ස්වභාවික ආපදාවලින් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 තෙක් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.

14 වසරකට පෙර ඉන්දුනීසියාවේ සුමත්‍රා මුහුදේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් පසු විනාඩි කිහිපයකට පසු ඇති වූ ප්‍රචණ්ඩ රළ 30,000කට අධික ජීවිත සංඛ්‍යාවක් බිළි ගත්තා.

එමෙන්ම පැරෑලිය දුම්රිය ස්ථානය සමීපයේ ලොව විශාලතම දුම්රිය අනතුර ද එදින ප්‍රචණ්ඩ මුහුදු රළ හේතුවෙන් සිදුවුණා.

මෙම සුනාමි රළ පහරට දුම්රිය තුළ සිටි 1270කට ජීවිතයෙන් සමු ගැනීමට පවා සිදුවුණා.