‘‘සුපිරි බද්දෙන්’’ බිලියන 50ක ආදායමක්
රාජපක්ෂ ආණ්ඩුව සමයේ අධික ලෙස ලාභ ලැබූ සමාගම් සඳහා 2016 අයවැයෙන් නියම කළ ‘සුපිරි බද්දෙන්’ රුපියල් බිලියන 50ක මුදලක් උපයාගැනීමට යහපාලන ආණ්ඩුවට හැකිවී ඇත.
නොමනා අනුග්‍රහය ලබමින් අධික ලාභ ඉපයූ සමාගම්වලින් එම බදු මුදල අයකරන බව එවකට මුදල් ඇමැති රවී කරුණානායක පැවසූ අතර ඒ අනුව එම සුපිරි බද්ද සමාගම් 538ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ බදු අයකිරීම අතීතයේ ලැබූ ලාභ සඳහාද වලංගු වන සේ සුපිරි බද්ද පැනවීය.
චමින්ද සේනාරත්න