සුමන්තිරන්ට ඇමති ධූරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස පාඨලීගෙන් ආරාධනාවක්
යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, යාපනය ආණ්ඩුකාර සුරේන් රඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.