News

‘සුරකිමු ගංගා’ ජනපති අතින් අද ඇරැඹේ

මෙරට ගංඟා 103 ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන ‘‘සුරකිමු ගංගා’’ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22 වැනිදා) ආරම්භ වේ. මැණික් ගඟ අසල, රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී මෙම කටයුතු ආරම්භ කෙරෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

ප්‍රධාන උත්සවයට සමගාමීව ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් කැලණි ගඟ (පහළ හංවැල්ල), මහවැලි ගඟ (ගන්නෝරුව, වලවේ ග​ඟේ (අම්බලන්තොට පාලම), කළුගඟ (රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව), දැදුරුඔය (බිංගිරිය), මල්වතු ඔය (අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රය), ගල්ඔය (අම්පාර) සහ කනගරායන්ආරු (කිලිනොච්චිය) ආශ්‍රිතවද සුරකිමු ගංඟා වැඩසටහන ආරම්භ කෙරේ.

මෙරට ගංඟා 103ම දූෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කැලණි ගඟ බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති බවත් ඇමැතිවරයා කියයි.

සාලිය කුමාර ගුණසේකර
අවිශ්කා සන්දීපනි දේවප්‍රිය – කතරගම