සේනා අනුරාධපුර කෙසෙල් වගාවටත් බලපෑම් කරයි
බඩ ඉරිඟු වගාව ඇතුළු භෝග කිහිපයකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා අනුරාධපුර කෙසෙල් වගාවටත් බලපෑම් එල්ල කරන බවට වාර්තා වේ.
එම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ කෙසෙල් කඳට ඇතුළු වන සේනා දළඹුවා ගොබය දක්වා සම්පූර්ණයෙන් කා දමන බවය.
හෙක්ටයාර 40ක පමණ කෙසෙල් වගා කර ඇති අතර, දළඹු උවදුර හේතුවෙන් එම වගාවන් විනාශ කර දමන ලෙස කෘෂිකර්ම බලධාරීන් උපදෙස් දී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අනුව උඩරට එළවළු වගාවට සේනා දළඹුවාගෙන් තර්ජනයක් එල්ල නොවනු ඇතැයි බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳහන් කරයි.