සේනා මර්දනයට කඩිනමින් මුදල් වෙන්කරන ලෙස අගමැතිගෙන් නියෝග
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.
එම දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා තමන් වෙත ලිඛිතව දැනුම්දෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී.හැරිසන් මහතාට දැනුම් දී ඇති අතර සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිට රසායනික ද්‍රව්‍ය පහක් හඳුන්වා දී තිබෙන බව කී අමාත්‍යවරයා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට එම රසායනික ද්‍රව්‍ය භාවිත කළ යුතු යැයි පවසයි.