සේවකයන් පිරීසකගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සීනී සමාගමේ උණුසුම් තත්ත්වයක්
බුත්තල පැලවත්ත සීනි සමාගමේ අද (07) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ පැල්වත්ත සිනී සමාගමේ පරිපාලන නිලධාරීයා විසින් පැල්වත්ත සිනී සමාගමේ සේවය කරන මුස්ලිම් සේවකයන් පමණක් වෙනම ශාලාවකට කැදවා ඔවුන් වෙනුවෙන් දේශනයක් සිදු කිරීම හේතුවෙනි.
එම පරිපාලන නිලධාරීයාද මුස්ලිම් ජාතිකයෙකු වන අතර මෙම සිදුවීම සැලවීමත් සමග අනෙක් සේවකයන් එම දේශනය පැවැත්වෙමින් තිබූ ශාලාව වෙත පැමිණ විරෝධතාවක නිරත විය.
පසුව ඔවුන් ශාලාව තුල රදවාගෙන සිටීමත් සමග උණුසුම් තත්වයක් හටගත් අතර එම නිසා බුත්තල පොලිසිය එම ස්ථානය වෙත කඩිනමින් පැමිනි නමුත් සිද්ධිය සමතකයකට පත් කිරීමට නොහැකි විය.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එම ස්ථානය වෙත පැමිනි අතර ඔවුන් විසින් එම මුස්ලිම් ජාතිකකයන් ආරක්ෂිතව ශාලාවේන් පිටතට ගෙන බශර් රථයකින් එම ස්ථානයේන් ඉවත් කිරීමට කටයුතු කලේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.