News

සේවක වැඩවර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා මතුව ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (16)දින පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් ඒ පිළිබඳව සේවකයින් දැනුවත් කර තිබියදී මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.