News

සොරුන් තිදෙනෙක් සේවකයින් බිය ගන්වා ලක්ෂ 06ක රත්‍රන් රැගෙන පලා යයි

ජා ඇල දුම්රියපොළ පාරේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් එහි සිටි සේවකයින්ට ගිනි අවියක් හා පිහියක් පෙන්නා බිය ගන්වා එහි තිබු රත්‍රන් බඩු රැගෙන පලා ගොස් ඇත.

රන්භාණ්ඩ වෙලන්දසැලේ තිබි ඔවුන් රැගෙන ගොස් ඇත්තේ කරාබු, මුදු හා පෙන්ඩන් ඇසුර තිබු පෙට්ටි 12ක් වන අතර එම කොල්ලකෑ රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 06ක් බවට වාර්තා වෙයි. කොල්ලකරුවන් විසින් වෙළඳසැලට එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත. එහිදී සේවකයින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

කොල්ලකරුවන් සොයා ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.