News

සෝමාවතිය රක්ෂිතයේදී වෙඩි වැදී වනඅලියෙකු මියයයි

සෝමාවතිය රක්ෂිතයේදී හිසට සිදුවූ වෙඩි වැදීමකින් වනඅලියෙකු මියගොස් ඇත.

සෝමාවතිය රක්ෂිතයේ මැදිරිගිරිය බෙරිවිල ප්‍රදේශයේදී මියගොස් තිබුණේ අඩි 8 ක් පමණ උස අවුරුදු 15 ත් 25 ත් අතර වයසේ වනඅලියෙකු වන අතර දඬයක්කරුවෙකු වන අලියාට වෙඩි තබන්නට ඇති බවට සක කෙරෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙරිවිල සහ ගිරිතලේ වනජීවී කාර්යාල පරීක්ෂණ ආරම්භ කර ඇත බව වාර්තා වෙයි.