සෞඛ්‍ය අමාත්‍යාංශයේ 3627 ක අනියම් සේවක අතිරික්තයක්
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රෝහල්වල සිටිය යුතු අනියම් සේවකයන් ප්‍රමාණය 73 ක් වුවත් මේ වන විට 3700 ක් අනියම් සේවකයන් පිරිසක් සිටින බව වාර්තා වේ. ඒ අනුව අනියම්, තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනමින් සේවකයන් 3627 ක අතිරික්තයක් පවතී.
ට අමතරව රෝහල්වල හා ආයතනවලට අදාළ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා ප්‍රාථමික මට්ටමින් තනතුරු 25 කට සේවකයන් 2661 ක්ද, සිටින බව වාර්තා වේ.
තවද ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් තනතුරු 06 කට අදාළව නිලධාරින් 481 දෙනෙක්ද, තෘතීයික මට්ටමට අයත් තනතුරු 24 කට නිලධාරින් 194 දෙනකුද, ද්විතීය මට්ටමට අයත් තනතුරු 142ට නිලධාරින් 80 දෙනකුද සිටින බව සඳහන්ය.
චමින්ද සේනාරත්න