සෞඛ්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් දිවයිනට
චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර සෞඛ්‍ය උපකරණ තොගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කර තිබේ.
එම සෞඛ්‍ය උපකරණ ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කළේය.
එහි PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා පරීක්ෂණ කට්ටල, සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ, ශල්‍ය මුහුණු ආවරණ, භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම්, සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල, ශල්‍ය අත්වැසුම් ඇතුළු තවත් උපකරණ ඇතුළත් වේ.
