සෞදි අරාබියේදි සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට – තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට බරපතලයි
සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසි අනතුරකට ලක්ව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සිකුරාදා දිනයේ “ජුම්මා” ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව දහවල් ආහාරය රැගෙන නවාතැන්පළට එමින් සිටියදී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත.
මොවුන් ගමන් ගත මෝටර් රථයට පසුපසින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුර සිදුකර තිබේ.
අනතුරින් කල්මුනේ මර්දමුනේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් උවෙයිස් නමැත්තෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල සහිත රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.