හංවැල්ලේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.
මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි නිවෙස් හිමියා සහ 32 හැවිරිදි අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
