News

හංවැල්ල වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවියක් STF නිලධාරීන් සොයාගනී

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන ගිනිඅවියක් සහ හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය ඊයේ (17) දහවල් දැඩිගමුව, ජයමාවත, සමගි මාවතේ බුදු මැදුරක් පිටුපස තිබී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් අවියක් සහ හිස් පතරොම් ගැබක් සොයාගත් බවයි.

මෙම ගිනිඅවියක් පසුගිය 15 වැනිදා හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අපරාධ කල්ලි සාමාජිකයින් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වෙඩි තැබීමේදී භාවිතා කළ ගිනිඅවියක් ද බවට සැකපල කරන බව පොලීසිය පවසයි.

එම වෙඩි තැබීමේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.