News

හදිසි අවශ්‍යතාවයකට ක්‍රියා කිරීමට බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹට

හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ජලය රැගෙන යා හැකි බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.

කොටහේන ප්‍රදේශයේදී ඊයේ (22) දින බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී එය පුපුරා යාමත් සමඟ ගින්නක් ඇති වූ බැවින් එවැනි අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා මෙලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.