News

හදිසි නීතිය ඉවත් කරන්නැයි තානාපති බලපෑම්

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග පැනවූ හදිසි නීතිය යළිත් ඉවත් කරන ලෙසට පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ අතරින් විදේශ තානාපතිවරුන් රැසකගෙන් ආණ්ඩුවට බලපෑම් එල්ල වී ඇත්තේ ජනජීවිතයට බලපෑම් එල්ල වී පවතින නිසා හදිසි නීතිය ඉවත් කරන ලෙසටය.

දෙමළ ජාතික සන්ධානයේ අදහස වී ඇත්තේද මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට හමුදාව ප්‍රකාශ කරන නිසා තවදුරටත් හදිසි නීතිය අවශ්‍ය නොවන බවයි.

පසුගිය දිනවල විදේශ තානාපතිවරුන් අවස්ථා කිහිපයකදී අගමැතිවරයා, කථානායකවරයා හමුවූ අවස්ථාවලදී ද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවට ද වාර්තා වේ.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී හා එළඹෙන පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී ද යළිත් හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.

මධුභාෂණ හේරත්