හදිසි රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට
දෙහිඅත්තකණ්ඩිය අරලංගවිල මාර්ගයේ බිහිරි සොරොව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අම්පාර මූලස්ථාන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබේ.
රිය අනතුර අද (07) සිදුව ඇති බව සඳහන්ය.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන දොන් නීල් උපේන්ද්‍ර කලුආරච්චි නැමැති පුද්ගලයෙක් ය.
මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු තම රාජකාරි නිවාඩු අවසන් කර නැවත සේවයට වාර්තා කිරීමට තම වෑන් රථයෙන් අම්පාර ප්‍රදේශයට ගොස් ඇත. එහිදී බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ ඇලට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
43 හැවිරිදි මොහු උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට බැදී සේවය ආරම්භ කර ඇති අතර දිවයිනේ පොලීසි කිහිපයක සේවය කර ඇති අතර කලක් ගලහ පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන්ද සේවය කර ඇති බව වාර්තා වේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇත.