News

හදිසි විදුලිය මිලදී ගැනීමක්

 

 

හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

කොමිසම පෙන්වාදෙන්නේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද මේ දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,

“වර්තමානයේ ඉතා උණුසුම් කතාබහක් ඇති වෙලා තියෙනවා විදුලි කප්පාදුවක් ඉදිරියේ දී ඇති වෙයි ද කියලා. කොමිෂන් සභාව වශයෙන් මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් ඉන්නවා. ඒ වගේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් අතිරේක විදුලිය ලබාගැනීම සඳහා අපි දැනටමත් කොමිෂන් සභාවේ අවසරය ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ නෑ දැනට තියෙන තත්ත්වය අනුව නුදුරු අනාගතයේ දී විදුලි කප්පාදුවක් එයි කියලා.“