හම්බන්තොට – කොළඹ අධිසුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට ඇරඹෙයි
දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී බස් රථ සේවාව අද (26) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි උසස් නිලධාරියෙකු පැවසුවේ හම්බන්තොට කොළඹ අතර බස් ගාස්තුව රුපියල් 880 ක් වන බවයි.
හම්බන්තොට – කොළඹ අධිසුඛෝපභෝගී බස් රථ සේවාවට අමතරව තංගල්ල – කොළඹ සහ ඇඹිලිපිටිය – කොළඹ අතර බස් රථ සේවාව ආරම්භ කෙරෙනු ඇති.
මේ අතර හෙට (26) දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
එම තරගය නැරඹීම සදහා හම්බන්තොට බලා පිටත්ව යෑමට සිටින ක්‍රීඩාලෝලීන්ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධිසුඛෝපභෝගී බස් රථසේවාව ලබා ගැනීමට හැකියාව තිබේ.
