News

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් වාහන ආනයනකරුවන්ට දැනුම්දීමක්

අත්‍යවශ්‍ය සේවා සඳහා වරාය පරිශ්‍රය නිරවුල්ව තබා ගන්නා ලෙසට රජය ලබා දුන් උපදෙස් අනුව හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වාහන 5000කට අධික සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගන්නා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

වරායෙන් නිශ්කාශනය කරන වාහන සඳහා මාර්තු 16 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ප්‍රමාද ගාස්තු ඉවත් කරන බවට වරාය බලධාරීන් මීට පෙර දැනුම් දී තිබිණ.

ඒ අනුව, වාහන 6500කට අධික සංඛ්‍යාවකින් මේ වන විට නිශ්කාශනය කර ඇත්තේ, වාහන 1000ක් පමණයි.

නිශ්කාශන කටයුතු පහසුකිරිම සඳහා සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති අතර ප්‍රමාද ගාස්තු අය නොකිරිමේ සහනය අප්‍රේල් 30 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බව හම්බන්තොට වරයා බලධාරීහු සඳහන් කළහ.