News

හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

හම්බන්තොට ප්‍රදේශ කිහිපයකට හෙට(19) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 4.00 දක්වා තිස්ස පාර, බටඅත, ගුරුපොකුණ, වෙහෙරගල පාර, කහඳමෝදර සහ අඩිසීය පාර මෙන්ම චේතියගිරිය ප්‍රදේශයට ජල සැපයුමම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

රන්න ජල සම්පාදන ක්‍රමයේ යාය විස්ස පොම්පකරන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.